ගම්පොල ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ගම්පොල ප්රධාන සංවිධායක හා ගම්පොල නගර සභාවේ සභාපති සමන්ත අරුණ කුමාර මහතාගේ ප්රධානත්වයෙන්.
ගම්පොල දොලුව හා උඩපලාත ප්රදේශවල අඩුආදායම් ලාභී පවුල් 3100 ක් සදහා සමෘද්ධි ප්රතිලාභ ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේයි මෙය ක්රියාත්මක කෙරුණේ. ප්රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 1500 ක් සදහා සමෘද්ධි හිමිකම්පත් ලබාදීම මෙහිදී සිදු කෙරුණා.. ගම්පොල උඩපළාත ප්රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ගම්පොල ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment