ඇමෙරිකා හමුදා භට පිරිස් සෞදි අරාබිය වෙත යැවීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්ප කියාසිටියේ මෙය සෞදි අරාබියේ අනාගත ආරක්ෂාව සදහා ගත් පියවරක් බවයි.
කෙසේ වෙතත් සෞදි අරාබියට යවන ඇමෙරිකා භට සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹ නැහැ. පසුගියදා සෞදි අරාබියේ ප්‍රධාන පෙළෙ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරවලින් අනතුරුවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස භට පිරිස් යැවීමට අනුමැතිය ලබාදී තිබෙන්නේ. සෞදි අරාබිය සහ ඇමෙරිකාව මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල කරනවා.
කෙසේ වෙතත් ඉරානය එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම සිද්ධි මුල්කර ගනිමින් ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටත් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post සෞදි අරාබියට ඇමෙරිකා භට පිරිස් යැවීමේ තීරණයක් appeared first on ITN News.
Post a Comment