ඉරානයට එරෙහිව පියවර ගන්නා ලෙස සෞදි අරාබිය එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටිනවා.
සෞදි අරාබියේ විශාලතම තෙල් ගබඩාවලට එල්ලකල ප්‍රහාරයෙන් පසුවයි සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රහීම් බින් අබ්දුලාසිස් මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ.
මෙම ප්‍රහාරයෙන් පසුව සෞදි අරාබියට ඉදිරියේදී එල්ලවිය හැකි ප්රහාරයන්ට මුහුණදීම සදහා හමුදා භට පිරිසක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු කළා.
පෙන්ටගනය සදහන් කළේ සෞදි අරාබියේ ආරක්ෂාව සදහා තමන් කටයුතු කරන බවයි. බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ පසුගියදා සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු බවයි.
The post ඉරානයට එරෙහිව පියවර ගන්නැයි සෞදිය එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment