බොලීවියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සැන්ටා එලේනා නගරයේ හටගත් ලැව්ගිනි පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලැව්ගිනි සමග හටගත් දුමාරය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ගොවි බිම් රැසක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. මෙම වසරේ බොලීවියාවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් හෙක්ටාර මිලියන හතරයි දශම එකක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය 21 වනදා ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටාර මිලියන දෙකයි දශම එකක්. ගතවූ දශක දෙක තුළ එරට හටගත් දරුණුතම ලැව්ගින්න මෙය බවද සදහන්.
The post බොලීවියාවේ ලැව්ගිනි පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වෙයි appeared first on ITN News.
Post a Comment