Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නුදුරේදීම ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්  

Add comments

මවගෙන් දරුවාට එච් අයි වී වෛරසය බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය නුදුරේදීම හිමිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ද සොයිසා කාන්තා රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිව්මහල් විශේෂ මාතෘ ඒකකයේ ඉදිකිරීම් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂ මාතෘ ඒකකයේ ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 250 ක්. වසර දෙකක කාලයක් තුළ මෙම රෝහලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන 590 ක් වැයකර තිබෙනවා.

The post ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නුදුරේදීම ශ්‍රී ලංකාවට තවත් සහතිකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG