Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුන්වන පාසල් වාරය අද සිට – පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රථිපලත් කඩිනමින්  

Add comments

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරය අද ආරම්භ වනවා. උසස්පෙළ විභාගයේ ඇගයිම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 12 ක් ලබන 16 වැනිදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

කොළඹ රාජකීය විද්‍යාලය , කොළඹ නාලන්දා විද්‍යාලය, බම්බලපිටිය හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිදු විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ඊට ඇතුලත්. මහනුවර කිංස්වුඩ් විද්‍යාලය , මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය ද තුන්වන වාරය සඳහා විවෘත කෙරෙන්නේ ලබන 16 වැනිදායි.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඑල කඩිනමින් නිකුත් කිරිමට පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇගයිම් කටයුතු මේ වන විටත් අවසන්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

The post තුන්වන පාසල් වාරය අද සිට – පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රථිපලත් කඩිනමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG