Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකික පවුලක් පිටුවහල් කිරීමේ සිද්ධියට අදාලව ඕස්ට්‍රේලියාවේ නගර රැසක උද්ඝෝෂණ  

Add comments

ශ්‍රී ලාංකික පවුලක් පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියා රජයේ උත්සාහය හෙළා දකිමින් එරට නගර රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා.

නඩේෂලිංගම් සහ ප්‍රියා යුවල සහ ඔවුන්ගේ අවුරුදු 04 ක් වයසැති කෝපිකා සහ වයස අවුරුදු දෙකක තරුණිකා යන දියණනියන් මෙසේ ඕස්ට්‍රේලියාවෙන් යළි මෙරටට පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියා රජය ගෙන ඇති පියවරයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා. පසුගිය යුද සමයේදී එම යුවල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා.ඔවුන්ගේ දරුවන් ඔස්ට්‍රේලියවේ උපත ලැබුවද ඔවුන්ට එහි පුරවැසිභාවය හිමිව නැහැ.  පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බන් නුවරින් ඔවුන් පිටුවහල් කෙරු‍ණේ ඔවුන්ට සරණාගත භාවය ලබාදීම ඕස්ට්‍රේලියා බලධාරින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. ඔවුන් ගුවන් යානයේ  ගමන් කරමින් සිටින අතරතුර ලැබුන අධිකරණ නියෝගයකින් ඔවුන් නැවත ඩාවින් ගුවන්තොටුපල වෙත ගොඩබස්වනු ලැබුවා. ඉන් අනතුරුව ඔවුන් ක්‍රිස්මස් දූපත්හි කදවුරක් වෙත යැවීමටයි කටයුතු කෙරුණේ. මෙම කදවුර වසර ගණනාවකින් වසා දමා තිබූ එකක් බවද සදහන්. කුමන පදනමක් මත ඔවුන් එළෙස රදවා තබන්නේද යන්න පැහැදිලි නැති බවයි ඔවුන්ගේ නීතීඥවරුන් සදහන් කරන්නේ.

 

The post ශ්‍රී ලාංකික පවුලක් පිටුවහල් කිරීමේ සිද්ධියට අදාලව ඕස්ට්‍රේලියාවේ නගර රැසක උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG