ස්වකීය හැකියාවන් සහ ශක්තිය තුළින් රටට නායකත්වය ලබාදිය හැකි තරුණ පරපුරක් ඇති කිරීම තම අරමුණ බව ජාතික තරුණසේවා සභාවේ නව සභාපති නීතීඥ කණිෂ්ක සුරනිමල රාජපක්ෂ මහතා පවසනවා. මහරගම තරුණසේවා මධ්‍යස්ථානයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ආගමික වතාවත් සිදු කරමින් ඒ මහතා තම රාජකාරි කටයුතු ආරම්භ කළා. වෘත්තියෙන් නිතීඥවරයකු වන කණිෂ්ක සුරනිමල රාජපක්ෂ මහතා ජාතික තරුණසේවා සභා අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබෙනවා. ඒ මහතා හිටපු අමාත්‍යවරයකු වන අභාවප්‍රාප්ත සුරනිමල රාජපක්ෂ මහතාගේ පුත්‍රයාද වනවා. ඒ මහතාලේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ජාතික තරුණසේවා සභාවේ නව සභාපති වැඩ අරඹයි appeared first on ITN News.
Post a Comment