Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්ජන මැද දුම්රිය කිහිපයක් ධාවනයේ – මගීන්ට දුෂ්කරතා  

Add comments

දුම්රිය සේවකයින් ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. රාජකාරී සදහා පැමිණීමට නොහැකිව දුම්රිය ස්ථානවල බොහෝ පිරිසක් රැදී සිටින ආකාරය අද (26) උදෑසන දැකගත හැකිවුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. සෑම දුම්රිය ස්ථානයකම පාහේ විශාල වශයෙන් මගීන් රැදී සිටි ආකාරය දැකගත හැකි වුණා.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ධාවනය වූ අතර තවත් දුම්රිය දෙකක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ නතරකර තිබුණා.

කුරුණෑගල සහ මහනුවර සිට අද(26) උදෑසන දුම්රිය දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ධාවනය කෙරුණා.

වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වව්නියාව දුම්රිය ස්ථානයේ නතරකර තිබුණා. දුම්රිය ස්ථානාධිපති කාර්යාලය ඇතුළු සෙසු කාර්යාල වසා තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ.

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවට පත් වුණා.

අම්බලන්ගොඩල  බලපිටිය දුම්රිය ස්ථානවලින් එක් දුම්රියක් කොළඹ කොටුව දක්වා ධාවනය වූ අතර මගීන් බොහෝ පිරිසක් එම දුම්රිය ස්ථානවල රැදී සිටියා.

දුම්රිය බලධාරීන් දැනුවත් කිරීමකින් තොරව දුම්රිය සේවකයින් සිදුකරන මෙම වැඩවර්ජනය අසාධාරණ බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ.

 

The post වර්ජන මැද දුම්රිය කිහිපයක් ධාවනයේ – මගීන්ට දුෂ්කරතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG