Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශනිල් නෙත්තිකුමාර විදේශ ගතවීමට අධිකරණයෙන් කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගනී  

Add comments

බැදුම්කර කොමිෂන් සභාව හමුවේදී අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව සාක්ෂි ලබා දුන් අනීකා විජේසූරිය යන අයගේ සොහොයුරාට මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශනිල් නෙත්තිකුමාර නමැත්තා විදේශ ගතවීමට අධිකරණයෙන් කළ ඉල්ලීම අද ඉල්ලා අස්කර ගත්තා.

මෙම මාසයේ දී ඩුබායිහිදී පැවැත්වීමට නියමිත බලශක්ති පිළිබද ලෝක සමුළුවකට සහභාගී වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් විත්තිකරු අධිකරණය වෙත මෝසමක් භාර දී තිබුණා. තමන් විදුලිබල අමාත්‍යාංශයේ මහජන සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කරන බව ද ඔහු එහිදී සදහන් කර තිබුණා. කෙසේ වෙතත් එම ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළකල අතර අධි චෝදනා ලබා ඇති පුද්ගලයෙකු රජයේ තනතුරක් දරන්නේ කෙසේදැයි නීතිපතිවරයා ප්‍රශ්න කළා. තම පියා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බැවින් විදේශ ගත වීමක් සිදු නොකරන බව අද දිනයේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළ ශනිල් නෙත්තිකුමාර තම ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළා. නඩුව සැප්තැම්බර් නව වනදා යළි කැදවීමට නියමිතයි.

 

 

The post ශනිල් නෙත්තිකුමාර විදේශ ගතවීමට අධිකරණයෙන් කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG