හොංකොං උද්ඝෝෂණ විවිධ ස්ථානවල ප්රචණ්ඩ අයුරින් පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හොංකොං රාජ්‍යයේ ස්ථාන රැසක දී එකවර උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් ඉතා ප්රචණ්ඩ අයුරින් උද්ඝෝෂණවල නිරතවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිරිස පාලනය කිරීමට එරට පොලිසියට කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකිරීමට ද සිදුවුණා. දුම්රිය ස්ථාන ගුවන්තොටුපොළ සහ රජයේ කාර්යාල ඉලක්ක කර ගනිමින් එම ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණවල නිරතවීමටයි පිරිස කටයුතු කර ඇත්තේ. උද්ඝෝෂණවලට සහභාගී වූ විශාල පිරිසක් අත්අඩංගුවේ පසුවන බව එරට පොලිසිය සඳහන් කළා.
The post හොංකොං උද්ඝෝෂණ ප්රචණ්ඩ වෙයි appeared first on ITN News.
Post a Comment