Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්  

Add comments

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එය පැවැත්වුණේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදීයි.

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ මෙවර තේමාව වූයේ තිරසර ජාතික සංවර්ධනයේදී වෘත්තිකයින්ගේ කාර්යභාරය යන්නයි. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හොබවා ඇති නේස්බි සාමිවරයා මෙම සමාරම්භක සැසියේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් නේස්බි සාමිවරයා දැක්වූ අදහස් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔහු වෙත සමරු තිලිණයක් ප්‍රදානය කළා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිලිණයක් පිළිගැන්වුණා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලලිත් විජේතුංග මහතාගේ සේවය අගයමින් සම්මානයක් පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා. සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වනු ලැබූවේ දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි.

 

 

The post වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG