Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුගල්ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් අදියරට  

Add comments

අම්පාර ප්‍රදේශයට ප්‍රතිලාභ රැසක් හිමිකරදෙන කළුගල්ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බණ්ඩාරදූව ප්‍රදේශයේ ඉදිකෙරෙන කළුගල්ඔය ජලාශය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දෙදහස් තුන්සිය පනහක්. 2014 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ වූ අතර මේ වන විට එම කටයුතු සියයට අනූපහකින් අවසන් කර තිබෙනවා. ජලාශය ඉදිකිරීමෙන් අනතුරුව කුඹුරු අක්කර එක්දහස් පන්සියයක වී වගා කිරීමට පහසුකම් සැලසෙන අතර අක්කර අඩි අටදහස් දෙසීයක ජල ධාරිතාවක් මෙම ජලාශයේ රදවා තැබිය හැකි බවයි ව්‍යාපෘති භාර නිලධාරින් පවසන්නේ. බෙදුම් ඇළ සහ කෙත් ඇළ මේ වන විට සංවර්ධනය කර අවසන්. වනජීවී කලාපය හා වගා බිම් වෙන් කිරීම මේ දිනවල සිදුවන බවයි කළුගල් ඔය ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ ඒ අබ්දුල් ජබාර් මහතා සදහන් කළේ.

මෙම ජලාශයෙන් නවගිරියාව ජලාශයට ජලය ලබාදීමේ හැකියාව පවතින අතර ප්‍රදේශයේ ග්‍රාමීය ජන ජීවිතයට පහසුකම් රැසක් ද හිමි වනවා.

 

 

The post කළුගල්ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් අදියරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG