පිලිපීන ජනාධිපති රොද්රිගො ඩුටාටේ තවත් අන්දෝලනාත්මක ප්රකාශයක් නිකුත් කර තිබෙනවා. අල්ලස් ඉල්ලන රාජ්ය නිලධාරින්ට හෝ සේවකයන්ට වෙඩි තබන ලෙසයි පිලිපීන ජනාධිපතිවරයා සිය රට වැසියන්ට දැනුම්දී තිබෙන්නේ. එහෙත් ඔවුන් ඝාතනය නොකරන ලෙස ජනාධිපතිවරයා ප්රකාශ කර තිබෙනවා.
ඒ පිලිපීනයේ බටාන් ප්රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. බදු ගෙවීම වැනි ඕනෑම කටයුත්තකදී රාජ්ය ආයතන සමඟ ඍජුව කටයුතු කරන ලෙසත් එවැනි අවස්ථාවක යම් නිලධාරියෙකු අල්ලසක් ගැනීමට තැත් කළ හොත් කම්මුල් පහරක් එල්ල කරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවට දැනුම්දී තිබෙනවා.
කාර්යක්ෂම රාජ්ය සේවයක් බිහිකිරීම වෙනුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවයි පිලිපීන ජනාධිපතිවරයා ප්රකාශ කරන්නේ.
The post අල්ලස් ඉල්ලන රාජ්ය නිලධාරීන්ට වෙඩිතබන්නැයි පිලිපීන ජනපතිගෙන් නියෝගයක් appeared first on ITN News.
Post a Comment