දුම්රිය සේවකයින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. වේග සීමා ඇතුළු දුම්රිය වෘත්තීය ගැටලු මුල්කර ගනිමිනුයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා. දුම්රිය මගීන්ගේ පහසුව සඳහා ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
සමස්ත සංඥා පද්ධතියේ ඇතිව තිබෙන දෝශයක් හේතුවෙන් බොහෝ දුම්රිය ගමන් වාරවලට බාධා එල්ල වූ බවයි දුම්රිය පාලන අධිකාරිය සදහන් කළේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වූ දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරුණා. වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්වුණා.
මේ අතර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, උදඝෝෂණ හා විරෝධතා රැසක් සංවිධාන කෙරෙන බව රාජ්‍ය බුද්ධි අංශය රජයට දැනුම් දී තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක් සහ ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පසුපස සිටින බවට බුද්ධි අංශ ලබාදුන් වාර්තාවල සදහන්. සෑම දිනකම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතාවයක්, උද්ඝෝෂණයක් හෝ රජයට එරෙහි වැඩසටහනක් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ බවයි බුද්ධි අංශ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
උද්ඝෝෂණ විරෝධතා මෙන්ම වැඩවර්ජන මෙහෙයවන වෘත්තීය සමිති නායකයන්ට හා ප්‍රධානීන්ට එම දේශපාලන පක්ෂමගින් විශාල වශයෙන් මුදල් ලබා දෙන බවත්, එම නායකයින්ගේ පෞද්ගලික ගිණුම්වලට මෙම මුදල් විශාල වශයෙන් බැර කර තිබෙන බවද රජයට ලබාදුන් බුද්ධි අංශ වාර්තාවල සදහන්.
The post සේවකයින් අකුරට වැඩ – ප්‍රවේශ පත් නැතිව දුම්රියේ යන්න අවස්ථාව appeared first on ITN News.
Post a Comment