Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැටිකලෝ කැම්පස් බැංකු ගිණුම් හිස්බුල්ලාගේ අභිමතය පරිදි පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වෙයි  

Add comments

බැටිකලෝ කැම්පස් බැංකු ගිණුම් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගේ අභිමතය පරිදි පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී තිබෙනවා.

බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනමේ හිමිකරුවන් ලෙස පෙනී සිටි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා තම අභිමතය පරිදි ගිණුම් ආරම්භ කිරීමට ලංකා බැංකුවට බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේයි මේ බව හෙළි වී ඇත්තේ. එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස හිස්බුල්ලා මහතාට හා ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා මහතාට දැනුම් දී තිබුණද ඔවුන් එහි පෙනී නොසිටි බව සදහන්.

බැටිකලෝ කැම්පස් හා හීරා පදනමේ බැංකු ගිණුම් පිළිබද ප්‍රකාශ ලබාදීමට ලංකා බැංකු නිලධාරීන් මෙන්ම උසස් අධ්‍යාපන හා මුදල් අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පෙනී සිටියා. කාරක සභා සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අදාළ ආයතන විවිධ නම්වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබදව මෙහිදී ප්‍රශ්න කර සිටියා. ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී කේ බී එස් බණ්ඩාර හා එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී දයාජනී පීරිස් යන මහත්ම මහත්මීන් මෙහිදී පිළිතුරු ලබා දුන්නා. කෝප් කමිටු සාමාජික කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

 

The post බැටිකලෝ කැම්පස් බැංකු ගිණුම් හිස්බුල්ලාගේ අභිමතය පරිදි පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG