Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වත්මන් රජය සෑම ජන කොටසකටම එකහා සමානව සලකනවා  

Add comments

වත්මන් රජය සෑම ජන කොටසකටම එකහා සමානව සලකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

පාතදුම්බර,මඩොල්කැලේ,කැලෑබොක්ක,අභිරුචි දෙමළ විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේයි මෙය ඉදි කෙරුණේ. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ල සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 650 ක්. මීට අමතරව විදුහල්පති නිල නිවාසය හා ගුරු නිල නිවාසය විවෘත කිරීම ද සිදුකෙරුණේ මන්ත්‍රීවරයා අතින්.

 

 

The post වත්මන් රජය සෑම ජන කොටසකටම එකහා සමානව සලකනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG