නව ජාතික පාසල් පහක් ඉදිකිරිමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යා අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නෛ්ර භාෂා ජාතික පාසලක් ඉදිකිරීමයි සැලසුම. කොළඹ දිස්ති‍්‍රක්කයේ තවත් ජාතික පාසල් 4 ක් ඉදිකෙරෙනවා. ජාතික පාසල් රැසක අතරමැදි පන්තිවල පුරප්පාඩු හතළිස් පන්දහසක් හදුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. දෙමළ මාධ්‍ය පාසල්වල හදුනාගත් පුරප්පාඩු සංඛ්‍යාව පහළොස් දහසක්.
ඉදිරි සතියේදී සම්මුඛ පරික්ෂණ මගින් පළමු අදියරේ තෝරාගත් සිසුන් හාරදහසක් පාසල් වලට ඇතුලත් කරගැනීමයි සැලසුම. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා සියලු පාසල් සංවර්ධයට පියවර ගෙන ඇති බවයි අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.
The post නව ජාතික පාසල් පහක් ඉදිකිරිමට සූදානම් appeared first on ITN News.
Post a Comment