ඊයේ (19) දිනයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කැබිනට් රැස්වීම ජනපතිගේ ඉල්ලීම මත පැවැත්වූවක් බව මීරිගම දී අද (20) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
මීරිගම ප්‍රදේශයේ නව ත්‍රෛභාෂා පාසලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා. කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාට ගෞරවයක් ලෙස මෙම ත්‍රෛභාෂා පාසල දොන් ස්ටීවන් විද්‍යාලය විසින් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ මෙරට ඉදිවන දෙවන ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල මෙයයි. ඒ සදහා රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන එක්දහස් එකසිය හතළිස් එකක්. අක්කර 12 ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම පාසල ලබන වසරේදී සිසු අයිතියට පත් කිරීමට නියමිතයි.
The post ඊයේ විශේෂ කැබිනට් රැස්වීම ගැන අගමැතිගෙන් පැහැදිලි කිරිමක් appeared first on ITN News.
Post a Comment