නැගෙනහිර ග්‍රිසීයේ දූපතක් වන ලෙස්බොස්හි ජනාකීර්ණ සරණාගත කදවුරක හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නැගෙනහිර ග්‍රීසියේ ලෙස්බොස්හි පිහිටි මොරියා නම් සරණාගත කදවුරකයි ගින්න හටගත්තේ. ඒ හේතුවෙන් කලබලයට පත් වූ සරණාගතයින් පොලිසිය සමග ගැටුම් ද ඇති කර ගෙන තිබෙනවා. එම අවස්ථාවේ පොලිසිය සරණාගත කදවුරට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. මෙම කදවුරේ සරණාගතයින් දොළොස් දහසක් පමණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිරියාවේ යුද්ධය හේතුවෙන් සරණාගතයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් 2015 වසරේදී ග්‍රීසියට පැමිණ තිබෙනවා.
The post ලෙස්බොස්හි ජනාකීර්ණ සරණාගත කදවුරක හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment