ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකා ගුවන් යානයක් බිඳ හෙලිම පිළිබඳ වගකීම තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා.
ඇමෙරිකා හමුදාවට අයත් ගුවන් යානයකුයි ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේදී අනතුරට පත් වුණේ. මෙම යානය කඩා වැටීමට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. යානය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් බල ප්‍රදේශයකටයි කඩා වැටී ඇත්තේ. අනතුරට පත්වන අවස්ථාවේ ඒ තුළ මගීන් ගමන් කළේද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේ නමුත් තම ගුවන්යානයක් අනතුරට පත්වීම පිළිබඳ මාධ්‍යයට තොරතුරු ලබාදීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
The post ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකා යානය බිම හෙළීමේ වගකීම තලෙයිබාන් භාර ගනී appeared first on ITN News.
Post a Comment