Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් 600 කට වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානය එකඟවෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් 600 කට වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානය එකඟවී තිබෙනවා. පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සෆාර් මහමුද් අබ්බාසි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාවේයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී ආරක්‍ෂක අංශ ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක පවතින දිගුකාලීන සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණා. යුද සමයේදී පාකිස්තානය දැක්වූ සහයෝගය අග්‍රාමාත්‍යවරයා අගය කළා. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට පුහුණු අවස්ථා ලබා දීමට පාකිස්තානය ක්‍රියා කළා. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුගිය දෙසැම්බර් මාසයේ පැවති තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයට යාමට අවස්ථාව ලබා දීම පිළිබඳ අබ්බාසි මහතා සිය කෘතඥතාව පළ කළා.

කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල් කාබි මහතා ඇතුලු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවුණා. ආර්ථික හා පරිසර හිතකාමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම , ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳව ද අවධානය යොමුවුණා.

මේ අතර කැලණිය සිරිසුමන බෞද්ධ විද්‍යාලයේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් 600 කට වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානය එකඟවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG