ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බෝට්ටු කිහිපයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝට්ටු පහක පමණ ගින්න ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලැබුවා. ජලයේ එක පෙළට නවතා තිබූ බෝට්ටු කිහිපයක ඇති වූ ගින්න සුළු වේලාවක් ඇතුළත පැතිර ගොස් ඇති බව වාර්තා වනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. විනාශයට පත් වූ බොහොමයක් බෝට්ටුවල ජනතාව පවුල් වශයෙන් ස්ථිරවම ජීවත්ව සිටි බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
The post ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඇති වූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment