රෝහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ගැටලුව කලාපීය තර්ජනයක් බවට පත්ව ඇතැයි බංගලිදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතීන්ගේ සමුළුවට එක්වෙමින්.
ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළයුතු බවයි ඇය පෙන්වාදෙන්නේ. රෝහින්ග්‍යා වැසියන් නැවත මියන්මාරයට යොමු කිරීම සඳහා බංගලිදේශය, මියන්මාර රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. යළි මියන්මාරයට යන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට රජය කටයුතු කළයුතු බවයි යෝජනාවක් ඉදිරිපත් කරමින් ෂෙයික් හසීනා පෙන්වාදෙන්නේ.
මියන්මාරයේ නිර්මාණයවූ අර්බුදයක වගකීම තමන්ට දැරීමට සිදුව ඇති බව ද බංගලිදේශ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.
The post රෝහින්ග්‍යා අර්බුදය ගැන බංගලිදේශ අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment