ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහාමාස් දූපතේ නායයාම් සහ ජල ගැලීම් ඇති වී තිබෙනවා.
ඩෝරියාන් සුළිකුණාටුව පැයට කිලෝමීටර් 285 ක වේගයෙන් හමා ගොස් ඇති බවයි ඇමෙරිකා ජාතික සුළිසුළං මධ්‍යස්ථානය පවසන්නේ. එය පස්වන ගණයට අයත්වනවා. බහාමාස් දූපතේ වැසියන් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. අභ්‍යන්තර ගුවන්තොටුපලවල්ද වසා දමා තිබෙනවා. සුළිකුණාටුව ඇමෙරිකාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශලට හමායා හැකි බැවින් ෆ්ලොරීඩා ජෝර්ජියා , උතුරු සහ දකුණු කැරොලිනා ප්‍රාන්තවලට මේ වන විට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර තිබෙනවා.
The post ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහාමාස් දූපතේ නායයාම් සහ ජල ගැලීම් appeared first on ITN News.
Post a Comment