Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුරැස්ස ප්‍රදේශයේදී පොලීසියට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

අකුරැස්ස ප්‍රදේශයේදී පොලීසියට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර යුද හමුදා සෙබලු දෙදෙනෙකුද වනවා. සැකකරුවන් ලඟ තිබී ගිනි අවි සොයාගෙන ඇති අතර ඒවා පානදුර උතුර පොලිස්ථානයෙන් සොරකම් කළ ගිනි අවි බවට හෙළි වූ බව පොලීසිය ප්‍රකාශ කළා.

අකුරැස්ස පොලිස් වසමේ දී අංක තහඩු නොමැතිව පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් ලුහුබදිමින් සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය පස් වනදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය විමර්ශන සිදු කළා. ඒ අනුව අදාළ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයෙකු ඊයේ පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පානදුර යුද හමුදා කඳවුරට අනුයුක්තව යුද හමුදා සෙබලෙකුද ඒ අතර වනවා. සඟවා තිබූ ටී 56 අවි දෙකක්, මැගසින් දෙකක් සහ පතොරම් කිහිපයක් ද පොලිසිය සොයා ගත්තා. සැකකරුවන්ගෙන් තවදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී ටී 56 අවි දෙක පානදුර උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කළ ගිනි අවි බවට හෙළි වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ යුධ හමුදා සෙබලෙකු පානදුර නල්ලූරුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ සහ මුදල් ලබාදීම සම්බන්ධ තවත් සැකකරුවකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

The post අකුරැස්ස ප්‍රදේශයේදී පොලීසියට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG