ETI මූල්‍ය සමාගමට සහ එහි අධ්යක්ෂ මණ්ඩලයට අයත් දේපල සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ETI තැන්පත්කරුවන්ගේ සංගමය ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 04 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
2500 කට අධික පිරිසකට අයත් රුපියල් බිලියන 20 ක පමණ මුදලක් ඊටීඅයි මූල්‍ය සමාගමේ තැන්පත් කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය පවසනවා. එම මුදල් සදහා ප්රතිලාභ මෙතෙක් ලබාදීමට ඊටීඅයි මූල්‍ය සමාගම සහ මහබැංකුව අපොහොසත් වී ඇති බවයි ඊටීඅයි තැන්පත්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරන්නේ. ඊටීඅයි මූල්‍ය සමාගම නව ආයෝජකයකු යටතේ ප්‍රතිව්‍යුහ ගත කිරීමට නියමිත බව මෙම සමාගම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
The post ETI තැන්පත්කරුවන්ගේ සංගමය ගොණු කළ පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි appeared first on ITN News.
Post a Comment