මෙරට විශිෂ්ට බෙරවාදන ශිල්පියෙකු වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත වුණා.
පියසාර ශිල්පාධිපති මහතා මිය යන විට 75 වන වියේ පසුවුණා. 1945 වසරේ මාර්තු 19 වනදා උපත ලද ඒ මහතා 1978 වසරේදී කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයනාංශයේ නැටුම් උපදේශකවරයකු ලෙස සේවයට එක් වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ඒ මහතා කොළඹ හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල බාහිර කතිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළා. බෙරවාදනය, මූලික ප්‍රාසාංගික කලාවක් ලෙස ප්‍රගුණ කල පුද්ගලයින් අතර ශිල්පාධිපති මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
The post කතිකාචාර්ය පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment