හොංකොං හි පැවැත්වෙන විරෝධතා සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සිසුන්ද එක්ව සිටිනවා.
හොංකොං හි ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සදහා මෙලෙස විරෝධතාවලට එක්වන බවයි ඔවුන් පවසන්නේ. අද දිනයේ ඔවුන්ගේ නව පාසල් වසර ආරම්භ වුවද දස දහසකට වැඩි සිසුන් පිරිසක් විරෝධතා සදහා එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ සහ පෙරේදා දිනයන්හිදී උද්ඝෝෂකයන් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුනු බව වාර්තා වුණා. පෙට්‍රල් බෝම්බ යොදා ගනිමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට හානි කිරීමටද උද්ඝෝෂකයින් ක්‍රියා කළ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. හොංකොං හි උද්ඝෝෂණ පැවැත්වෙන්නේ සති 14 ක කාලයක සිටයි.
The post හොංකොං හි පැවැත්වෙන විරෝධතා සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සිසුන්ද එක් වෙයි appeared first on ITN News.
Post a Comment