Oct
31
අයිඑස් සංවිධානයේ හිටපු නායක අබුබකර් අල්බග්දාදිගේ මරණය එම සංවිධානය සනාථ කරමින් ඔහු වෙනුවට නව නායකයෙකු පත් කර තිබෙනවා.
අයිඑස් සංවිධානයේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ අබු ඊබ්‍රහිම් අල් හෂෙමි අල් කුරාෂි. එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා අල් කුරාෂි නිවේදනයක් නිකුත් කරමින් මෙය තහවුරු කළා.
නව නායකයා ජිහාඩ් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද ක්‍රියාකර තිබෙනවා. අල්බග්දාදි ඝාතන මෙහෙයුමේදී අයිඑස් සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයාද ඝාතනය වී ඇති බව සදහන්.
The post IS සංවිධානයට නව නායකයෙක් appeared first on ITN News.
Post a Comment