Nov
29
නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා.
නෙදර්ලන්තයේ හේග් නගරයේ මාර්ගයකයි මෙම පිහි ඇණුම සිදුවුණේ. ඉන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගත්තා. එම අවස්ථාවේ දී මාර්ගයේ විශාල පිරිසක් රැදී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පළාගොස් තිබෙන බවයි එරට පොලීසිය පවසන්නේ. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
The post නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් තුන් දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment