දිවයින පුරා නගර අලංකරණ සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ යටතේ බගවන්තලාව නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. බගවන්තලාව පොලිසිය සහ නෝවුඩ් ප්‍රාදේශීය සභාව එය සංවිධාන කළා. නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ද ඊට දායක වුණා.
කැලණිය අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ කැලණිය පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොල මහතාගේ මූලිකත්වයෙන්. බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා කැලණිය පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතාගේ උපදෙස් මතයි එය සංවිධාන කෙරුණේ.
බකමූණ නගරය අලංකාරවත් නගරයක් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධාන කළ වැඩසටහනක් පැවැත්වුණේ නගරවාසීන්ගේද සහභාගීත්වයෙන්. තරුණ තරුණියන් තිස් දෙනෙකු එක්ව ප්‍රධාන බස්නැවතුම්පොළ අවට අලංකාර චිත්‍ර ඇදීම මේ යටතේ සිදු කළා. බකමූණ පොලිසිය සහ ප්‍රාදේශීය සභාව ඊට අනුග්‍රහය දැක්වූවා.
නගර සහ පරිසර අලංකරණ වැඩසටහන යටතේ කන්තලේ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. කන්තලේ පොලිසිය ඉදිරිපිටදීයි එය ආරම්භ වුණේ. සිවිල් ආරක්ෂක බළකාය, කන්තලේ ප්‍රාදේශීය සභාව සහ තරුණ සේවා සභාව ඇතුළු ආයතනවල 500 කට වැඩි පිරිසක් ඊට දායක වී සිටියා.
The post දිවයින පුරා නගර අලංකරණ සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් appeared first on ITN News.
Post a Comment