Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරම්ප හේතුවෙන් කොංගෝවේ පන්දහසක් ජිවිතක්ෂයට  

Add comments

සරම්ප රෝගය හේතුවෙන් කොංගෝ රාජ්‍යයයේ පන්දහසක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

ඒ මේ වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ කාලසීමාවේදී. එබෝලා හේතුවෙන් ද කොංගෝ රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල වුණා. සරම්ප ව්‍යප්තවූ රටවල් අතර බරපතලම තත්වය වාර්තාවී ඇත්තේ කොංගෝ රාජ්‍යයෙන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. නොවැම්බර් 17 වනදා වනවිට සරම්ප වැලදී ඇති බවට තහවුරු කරගත් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස් දෙසීය හැත්තෑවක්.

ඉන් 5110 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. තත්වය පාලනය කිරිම සදහා එන්නත් කිරීමේ කඩිනම් වැඩපිලිවෙලක් ද ආරම්භ කිරිමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

The post සරම්ප හේතුවෙන් කොංගෝවේ පන්දහසක් ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG