ටොන් තුනක කොකේන් සහිත සබ්මැරීනයක් ස්පාඤ්ඤ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින ගණනාවක් තිස්සේ මෙම සබ්මැරීනය මුහුදේ ගමන් කරමින් තිබූ බවයි ආරක්ෂක අංශ සොයාගෙන තිබෙන්නේ. මෙම කොකේන් තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 110 ක් බවයි පොලීසිය පවසන්නේ. ස්පාඤ්ඤ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සබ්මැරීනය සොයා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොකේන් ටොන් තුන මිටි 152 ක් වන සේ සකසා තිබූ බවයි ස්පාඤ්ඤ පොලිසිය පවසන්නේ. කොලොම්බියාවේ සිට මෙම කොකේන් තොගය රැගෙන එන්නට ඇත්තේ මෙක්සිකෝව සහ ඇමෙරිකාවට බෙදාහැරීම සඳහා බවයි ස්පාඤ්ඤ පොලිසිය සැක පළ කරන්නේ. යුරෝපා මුහුදු තීරයේදී මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට හෙළි වූ පළමු අවස්ථාව මෙය බවද ආරක්ෂක අංශ පවසනවා.
The post ටොන් තුනක කොකේන් සහිත සබ්මැරීනයක් ස්පාඤ්ඤ වෙරළ තීරයේදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment