Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jan 31

ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්  

Add comments

72 වන ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් අද (31) සිට ක්‍රියාත්මකයි.

ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත් ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඩ් පෙදෙස,  යුනියන් පෙදෙස හා ඩීන්ස් පාර වෙතටත් ඇතුලු විය හැකි බවයි පොලීසිය සඳහන් කළේ. හැව්ලොක් මාර්ගයෙන් පැමිණෙන රථ වාහන තුම්මුල්ල දෙසින් තර්ස්ටන් පාර හා පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුලු විය හැකියි. යුනියන් පෙදෙස සහ ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථ වාහන බොරැල්ල දෙසට ධාවනය කිරීම සඳහා වෝඩ්ස් පෙදෙස භාවිත කළ හැකි බවයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.

බෞද්ධා ලෝක මාවතට පිවිසෙන රථ වාහන බොරැල්ල කනත්ත වටරවුම දෙසින් පිටව යා හැකි වනවා. අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන මෙම රථ වාහන සැලැස්ම යටතේ හෙට (01) සහ අනිද්දා (02) උදෑසන 6 සිට පස්වරු 1 දක්වා වාහන ධාවනය කළ යුතු වනවා.

පෙබරවාරි 3 වනදා මෙම රථ වාහන සැලැස්ම පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මකයි.

නිදහස් සමරු උලෙළ පැවැත්වෙන පෙබරවාරි 4 වනදා අලුයම 4 සිට දහවල් 1 දක්වා රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනවා.

The post ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG