Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා තවත් යුරෝපා රටවල් 3කට  

Add comments

කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රටවල් අතරට තවත් රටවල් 3 ක් එක්ව සිටිනවා. ඒ ඔස්ට්‍රියාව,  ක්‍රොඒෂියාව සහ ස්විට්සර්ලන්තයයි.

යුරෝපා රටවලින් මෙසේ වාර්තා වූ කොරෝනා රෝගීන් ඉතාලියෙන්,  ඇල්ජීරියාවෙන් හා අප්‍රිකාවෙන් සංචාරයන් හි නිරතව පැමිණි අය බවයි වාර්තා වන්නේ. ලතින් ඇමෙරිකා රටකින් පළමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වුණා. ඒ බ්‍රසීලයෙන්. යුරෝපයේ දරුණු ලෙසම කොරෝනා ආසාදනය වූ රට ලෙස ඉතාලිය හැදින්වෙනවා. එම සංඛ්‍යාව 300 ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 11 ක්.

බ්‍රිතාන්‍යයෙහි නව සංචරක නීති මාලාවක් ද හදුන්වා දී තිබෙනවා. ස්පාඤ්ඤය,  ප්‍රංශය,  ජර්මනිය යන රටවලින් ද ඉරානය හා දකුණු කොරියාව යන රටවලින් ද රෝගීන් වාර්තාවනවා. දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවනවා.

මිය ගිය සංඛ්‍යාව 10ක්. චීනයෙන් පිටත වෛරසය වැඩිවශයෙන් ආසාදිත වූ රට දකුණු කොරියාවයි.

මේ අතර චීනයෙහි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ අට දහස් හැට හතර දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ කොරෝනා මරණ 52 ක් එරටින් වාර්තා වුණා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දෙදහස් හත්සිය පහළොවක්.

 

 

The post කොරෝනා තවත් යුරෝපා රටවල් 3කට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG