ස්පාඤ්ඤයට බලපා ඇති වැලි කුණාටුවක් හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
සහරාන් නමැති මෙම සුළි කුණාටුව ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට මෙමගින් වැඩි බලපෑම් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක කාලගුණ තත්ත්වයද අයහපත් බවයි වාර්තා වන්නේ. වැලි කුණාටුවත් සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් රැසක් ද වසා දමා තිබෙනවා.
The post වැලි කුණාටුවක් හේතුවෙන් ස්පාඤ්ඤයේ ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment