ඇමෙරිකා ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැමිණීමට පෙර දිල්ලියේ පැවති උද්ඝෝෂණවලදී පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉන්දියාවේ දිල්ලි නගරයේ පුරවැසි පනතට විරුද්ධවයි මෙම උද්ඝෝෂණ සංවිධාන කර තිබුණේ. ඇමෙරිකා ජනාධිපතිවරයා දිල්ලි නගරයට පැමිණීමට නියමිතව තිබියදී මෙම උද්ඝෝෂණ සංවිධාන කර තිබූ බව සදහන්.පොලිස් නිලධාරියකු සහ සිවිල් වැසියන් 04 දෙනෙකුයි උද්ඝෝෂණවලදී ජීවිතක්ෂයට පත්වුණා. මිලියන 200 ක් වූ ඉන්දීය මුස්ලිම් ජනතාව පීඩාවට පත් කිරීම පුරවැසි පාලන පනත තුළින් සිදුවන බවට උද්ඝෝෂණකරුවන් චෝදනා කළා.
The post ට්‍රම්ප්ගේ පැමිණීමට පෙර දිල්ලියේ පැවති උද්ඝෝෂණවලදී 05 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment