පළගැටි උවදුර හේතුවෙන් පාකිස්ථානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ මෙම උවදුර මර්දනය කිරීමට හැකි ඉක්මනින් පියවර ගත යුතු බවයි. මෙම පළගැටි උවදුර හේතුවෙන් පාකිස්ථානයේ බෝග රැසකට හානි සිදුව තිබෙනවා. වැඩිම හානිය සිදුව ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයටයි. මෙම උවදුර මැඩ පැවැත්වීම සඳහා පාකිස්ථානය රුපියල් බිලියන 7.3 ක මුදලක් වැය කර තිබෙනවා. 2019 මාර්තු මාසයේ දීයි මෙම උවදුර පිළිබඳව පළමුවරට වාර්තා වී ඇත්තේ. කෙසේ වුවත් මෙම තත්ත්වය තවත් වර්ධනය වී තිබෙනවා. මේ හේතුවෙන් පාකිස්ථානයට රුපියල් මිලියන ගණනක බෝග වගාවන්ට හානි සිදුව තිබෙනවා.
The post පළගැටි උවදුර හේතුවෙන් පාකිස්ථානයේ හදිසි තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment