මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස 304ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීනයේ වෛරසය ආසාදිත සංඛ්‍යාව 14380ක්. චීනය සමඟ දේශ සීමා වසා දැමීමට රටවල් රැසක් කටයුතු කර තිබෙනවා. ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියාව චීනයේ මෑත කාලයේ සංචාරය කළ සංචාරකයින්ට තම රටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. රුසියාව ජපානය , පාකිස්ථානය සහ ඉතාලිය ද මෙවැනිම සංචාරක තහනම් නිකුත් කිරීමටයි කටයුතු කෙරුණේ. මෙම තහනම මඟින් චීනය හුදෙකලා කිරීමක් සිදු නොකරන බවත් වෛරසය පැතිර යාම වැළැක්වීමට පමණක් මෙය සිදුකරන බවත් එම රටවල් දැනුම් දී තිබෙනවා. චීනය හැර සෙසු රටවල් වලින් වෛරසය ආසාදිත පුද්ගලයින් සියදෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
The post කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස 304ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment