මක්කම සහ මදීනා ඇතුළු ආගමික සිද්ධස්ථාන වන්දනාව සඳහා පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීම තහනම් කිරීමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.
COVID-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සෞදි අරාබි රජය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එරටින් මෙතෙක්
COVID-19 වෛරසය ආසාදිතයකු වාර්තා වී නොමැති අවස්ථාවක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක් වනවා. එමෙන්ම මෙම වසරේ හජ් වන්දනාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
The post වන්දනාව සඳහා පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment