Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID-19 ලොව පුරා රටවල් 40ක ව්‍යාප්තවෙයි  

Add comments

COVID-19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 40 ක ව්‍යාප්ත වී තිබෙනවා. මේ අතර දකුණු කොරියාවේ දෛනිකව වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව චීනයට වඩා ඉහළ අගයකට පැමිණ ඇති බව සඳහන්.

ගෙවී ගිය පැය 24 ක කාලය තුළ චීනයේ පමණක් රෝගීන් 433 ක් වාර්තා වුණා. එම කාලය තුළ  දකුණු කොරියාවේ COVID-19 වෛරසය ආසාදනය වූවන් 334 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1595 ක්. ලොව පුරා COVID-19 ආසාදනය වූවන් අසූදෙදහස් එකසිය තිස්අටක් වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 2801ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පුද්ගලයින් 32,756 දෙනෙකු සුවය ලබා ඇති බව සඳහන්. කෙසේ වෙතත් චීන බලධාරීන් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීම පාලනය කිරීම අප්‍රේල් අවසන් කාලයේදී සිදුකිරීමට හැකියාවක් පවතින බවයි. මේ අතර ඉතාලියේ ද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඉතාලියේ සිටින අප වාර්තාකරු නව තත්ත්වය පිළිබඳව මෙසේ අදහස් පළ කළා.

The post COVID-19 ලොව පුරා රටවල් 40ක ව්‍යාප්තවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG