අම්පාර මහ රෝහලට දිර්ඝ කාලයක් පුරා අඩුපාඩුවක්ව පැවති අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
අම්පාර මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය අදියර 2 ක් යටතේ ඉදිකෙරෙනවා. අංග සම්පූර්ණ ප්‍රතිකාර ඒකකයක් ලෙස මෙය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 54 ක්. දිනෙන් දින ඉහළ යන හදිසි අනතුරු හේතුවෙන් අම්පාර රෝහලේ හදිසි ප්‍රතිකාර සදහා ඒකකයක් නොමැති වීමෙන් ගැටලු මතුව තිබුණා. වසර 2 ක් වැනි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීම සැලසුමයි.
The post අම්පාර මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment