කතරගම කුකුල් කටුවවැව රක්ෂිතය විනාශ කරමින් අනවසර ඉදිකිරීමකට සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කළද ඔවුන් නිහඩ බවයි ජනතාව පවසන්නේ. කුකුල් කටුව වැව රක්ෂිතයේ ඉඩම් විකිනීම, මිලට ගැනීම හෝ අනවසර ඉදිකිරීම තහනම් බවට දැන්වීම් පුවරු තිබියදීත් වැව ආසන්න රක්ෂිත කලාපයේ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විනාශ කර තිබෙනවා. රක්ෂිතයේ මායිම්ගල් ගලවා ඉවත් කර ඇති ආකාරය දැකගත හැකියි. අක්කර අඩි 420 ක ජල ධාරිතාවකින් යුතු කුකුල්කටුව වැවෙන් ගොවි පවුල් 120ක් පමණ තම කෘෂිකාර්මික ජීවනෝපායන් සිදු කරනවා. එම රක්‍ෂිත කලාපය තුළ අනවසරයෙන් සිදු කෙරෙන ගස් කැපීමත් සමග වැව විනාශ වීමේ දැඩි අවදානමකට ද ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. කතරගම ප්‍රදේශයේ සිගමනේ යෙදුණු පිරිසට ඉඩම් ලබා දී මෙම ප්‍රදේශයේ පදිංචි කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. තම ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව ගොවි සමිති ඇතුලු ප්‍රදේශවාසීන් කතරගම පොලීසියට පැමිණිලි කර සති 3ක් පමණ ගත වුව ද මේ වන විටත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ගොවීන් පවසනවා. එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමට ද ජනතාව පියවර ගත්තා. එහෙත් වගකිව යුතු සියලු බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඩව සිටීම විමතියට කරුණක් බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ.
කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් …
කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් …
Posted by ITNnews on Sunday, March 1, 2020
The post කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් appeared first on ITN News.
Post a Comment