චිලී රාජ්‍යයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළි ආරම්භ වී තිබෙනවා.
සැන්ඩියාගෝ නගරයේයි විරෝධතා ආරම්භ වී තිබෙන්නේ. පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් දරුණු ලෙස සිදුවෙමින් පවතිනවා. ටයර් පුළුස්සමින් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උද්ඝෝෂණකරුවන් පොදු දේපළවලට හානි සිදු කරමින් කළහකාරි ලෙස හැසිරෙන බව එරට වාර්තා සඳහන් කළා. රජයට විරුද්ධව පසුගිය මාසයේ සිට උද්ඝෝෂණ ක්‍රියාත්මක වනවා. එම උද්ඝෝෂණ මේ වන විට ප්‍රචණ්ඩ තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
The post චිලී රාජ්‍යයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇරඹෙයි appeared first on ITN News.

Post a Comment