සියලු පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් විශේෂ සාකච්ඡාවක් සදහා කොළඹට කැදවා තිබුණා.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේ දී කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට උරදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
පුද්ගල ආරක්ෂිත මෙවලම්, විෂබීජ නාශක, මුව ආවරණ ආදිය කඩිනමින් සියලුම පළාත්වලට ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නා. ප්‍රවාහන කටයුතුවලදී බලපාන ගැටලු අවමකර ගැනීම සදහා ලංගම සභාපතිවරයා සමග දුරකතනයෙන් සාකච්ඡාකර විසදුම් ලබාදීමට ද අමාත්‍යවරයා කටයුතු කළා.
ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය ලේකම් බද්රානි ජයවර්ධන මහත්මියට මෙහිදී උපදෙස් ලබාදීම ද සිදුවුණා.
මෙම ව්‍යසනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන අතර සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛය සේවා අධ්යක්ෂවරුන් අමාත්‍යාංශය සමග අන්තර් සහයෝගීතාවයෙන් හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.
The post සියළුම පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරු කොළඹට කැඳවයි appeared first on ITN News.
Post a Comment