ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු වතුකරයේ ජනතාව මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර වෙළෙදසැල්වලට පැමිණිමේ අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. අද (01) පෙරවරුවේ එම ප්‍රදේශවල ඇදිරිනීතිය ඉවත් කළ අවස්ථාවේ බොහෝ ස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණේ නැහැ.
ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කුරුණෑගල නගරයේ පදිකවේදිකාවල ජනතාව එක්රැස්වීම අවම කිරීමේ පියවරක් ලෙස එම පදිකවේදිකාවල වෙළෙදාම් සිදුකළ අය ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. එහි භයානකකම අදාළ පදික වෙළෙදුන්ට තේරුම්කර දීමෙන් පසු ඔවුන් ස්වෙච්ඡාවෙන්ම ඉවත්ව ගියා.
ඇදිරිනීතිය ඉවත් කළ ද ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් පෙන්නුම් කෙරෙනවා. කොරෝනා වෛරසේ භයානක තත්ත්වය තේරුම් ගනිමින් ජනතාව මෙසේ එක්රැස්වීම පාලනය කරගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ. පැමිණි පිරිස ද සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින් ක්‍රියා කරනවා.
The post ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු වෙළෙදසැල්වලට ජනතාව පැමිණිමේ අඩුවක් appeared first on ITN News.
Post a Comment