සුදු ජාතික පොලිස් නිලධාරියෙකු නිරායුද කලු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
මේ වන විට එම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට පරිවර්තනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති මෙම කලු ජාතිකයාගේ මරණයට පොලීසිය සෘජුව වගකිව යුතු බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ. පසුගිය පෙබරවාරි මාසයේ අහමඩ් ආබ්‍රේ නම් පුද්ගලයාගේ ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් ද යළි කතාබහට ලක්වී තිබෙනවා.
මෙම ඝාතනවලින් ඇමෙරිකාව කලු ජාතිකයන්ට දක්වන සැළකිල්ල මනාව පිළිඹිබු වන බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.
මේ අතර ඊයේ උද්ඝෝෂණය ආවරණය කරමින් සිටි සී එන් එන් මාධ්‍යවේදියා සජීව විකාශය අතරතුරදීම පොලීසිය අත්අඩංගුවට ගැනීම දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම සිද්ධිය එරට ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් ලෙස සී එන් එන් මාධ්‍ය ජාලය පෙන්වා දෙනවා. ඔවුන් නිදහස් කළ ද ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සිදු කළ අතුල් පහරක් ලෙස මෙය සැලකිය හැකියි.
The post නිරායුද කලු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment