කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) පෙරවරු නවයේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුනේ. ඒ අනුව පෙරවරු 9.00 සිට හෙට (31) අලුයම 3.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.
කොළඹ 02 , කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 9 සහ කොළඹ 10 යන ප්‍රදේශ ඊට ඇතුලත්. ඊට අමතරව කොළඹ එක ප්‍රදේශයට ජලය සැපයෙන්නේ අඩු පීඩන තත්වයකින් බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.
The post කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.
Post a Comment