ඉටුකම covid 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1213 ඉක්මවා තිබෙනවා.
උතුරුමැද පලාත් රාජ්‍ය සේවකයන් ප්රදානය කළ රුපියල් මිලියන 25 ක් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදීම ඊයේ (29) සිදුවුණා.
කිරිබත්ගොඩ විහාරමහාදේවි ආදි ගුරු සංගමය රුපියල් ලක්ෂයක් ප්රදානය කර ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.
ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම පුද්ගලයන් ද අරමුදලට මුදල් පරිත්‍යාග කර තිබෙනවා.
The post ඉටුකම අරමුදල රුපියල් මිලියන 1213 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment